මැජික් මංජුසාව………

එක්තරා පුරාතන යුගයක කුඩා ගම්මානයක ඉවාන් නමැති අති සූර තරුණයෙක් වාසය කෙළේ ය. ඔහු ගේ මාපියෝ සිය පුතු ගේ උදාරත්වයෙන් උදම් වූහ. ඔහු ගේ සූරත්වය තව තවත් දියුණු කරවීම මාපියන් ගේ අපේක්ෂාව විය. ඒ අනුව ඔහු ගුරුවරයකු වෙත යොමු කෙරිණි.

ඒ ගුරුවරයා ද දක්ෂයෙකි. එහෙත් ඉවාන් ගේ විශිෂ්ටත්වය ගුරුවරයා ගේ දක්ෂතාව ද ඉක්මවා යන්නකි. මේ හේතුවෙන් ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නට විය. තමන්ට වඩා වැඩි විශිෂ්ටත්වයෙන් යුතු වූවකු මෙලොව විසීම ඔහු නොඉවසන්නට විය.

මේ සඳහා කදිම උපායක් යෙදූ ගුරුතුමා සිය සිසුවා පොළෝ ගර්භය වෙත පිටත් කර හරින්නට සිතීය.

”ප්‍රිය සිසුව, නුඹ පොළෝ ගැබට ගොසින් මැජික් මංජුසාව හිමිකර ගන්න. එවිට එය නුඹට සිතූ® පැතූ සම්පත් ලබාදේවි”

පොළෝ ගැබෙහි මෙවැනි මැජික් මංජුසාවක් ඇතත්, එය හිමිකර ගෙන යළි මෙලොව ඒම කිසිවකුට කළ හැක්කක් නොවන බව ගුරුතුමා මැනැවින් දැන සිටියේ ය.

ඉවාන් පොළෝ ගැබට වන්නේ, අතිමහත් නිර්භය සිතකිනි. එහෙත් ඔහු ගේ ගුරුතුමා අපේක්ෂා කළාක් මෙන් ම ඔහුට සිදුවූයේ ඒ අඳුරු ගැබෙහි අතරමං වන්නට යි. ඒ කෙසේ වෙතත් මෙවිට ඔහු ගේ සූරකම් හේතුවෙන් මැජික් මංජුසාව නම් ඔහු අත පත්වී තිබිණි.

පොළෝ ගැබෙහි අසරණ වූ ඉවාන්ට මැජික් මංජුසාවකින් කුමන ඵලයක් ද? කළ යුත්තේ කුමක්දැයි නොදැන ම ඉවාන් නිකමට මෙන් මැජික් මංජුසාව එහා මෙහා පෙරළන්නට විය. මෙවිට මහත් පුදුමයක් සිදුවිය.!

යස අපූරු තරුණයෝ දොළොස් දෙනෙක් වහා ඉවාන් ඉදිරියෙහි පෙනී සිටියෝ ය.

”අපගේ ස්වාමියා නුඹයි! නුඹට රිසි කුමක්ද?” ඔවුහු විමසා සිටියහ.

මොවුන්ගේ උපකාරයෙන් ඉවාන් පොළෝ ගැබින් පිටමං විය. ඉන් අනතුරු ව ඔහු ඔහු ගේ ගම් පියසෙහි තවත් කිසිවකුට නොදෙවැනි සේ ගොඩනැඟූ® රාජධානියක රජු බවට පත්විය.

මේ සියල්ල මැජික් මංජුසාව හේතුවෙනි. නොඑසේ නම් ඔහු ගේ නිර්භයත්වය ද සූරත්වය ද හේතුවෙනි.

විටෙක සොරු මංජුසාව ඔහුගෙන් සොරාගන්නට මාන බැලූ නමුත් ඒ උත්සාහය ද ඵල රහිත ව ගියේ ය. සොරුන්ට හෝ ඊර්ෂ්‍යාවට සැබෑ සූරයා කිසිවිටෙකත් නො පරදියි!

Advertisement
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.