මවක හිත ස්නේහය………………..
සිල් සඳේ සිල් සුවඳ
දෙවැට පැන ගෙට ඇවිත්
කුස්සියේ දැල් වුණේ
කෙලෙස් මල් දෝ කියන්
සරි කරන ජීවිතේ
මහ මෙරක බර දරන්
නිවන් යා හැකි මඟක්
තනන්නෙද දරු පෙමින්
විජය රජ පරපුරට
ඇවිත් නෑ කම් කියන
මිත‍්‍ර සෙන්පති ඇසුර
ලැබූ කසුප් රජ සේම
ගිය නොමඟ අයුතු මඟ
කුමක් කරමුද ඊට
වැදූ දරු කැක්කුමට
නැතිය බෙහෙතක් තව ම
හොඳ නරක කියා දී
යස ඉසුරු ලබන මඟ
සොයා බණ පොත්වලින්
කියා දෙන්නට හදන
නුඹේ නවගුණ වැලත්
කඩා බිම ඉහිරෙව්ව
පුතු සෙනේ සිෙඳ් විද
දැදුරු වුව ළය මඬල
Advertisement

No trackbacks yet.